About MACO


ජනසන්නිවේදනය

සමාජයේ සිටින පුද්ගලයන් අතර, විවිධ අදහස් හා තොරතුරු ප්‍රචාරය කිරීම ජනසන්නිවේදනය වශයෙන් හැදින්විය හැකිවේ.
මෙම තොරතුරු ප්‍රචාරය කිරීමට ප්‍රථමයෙන් ජනමාධ්‍ය ක්‍රමයක් තිබිය යුතුවේ. මුලින්ම අදහස් හෝ තොරතුරැ ඉදිරිපත් කරන්නකු සිටිය යුතුවේ. එයට "ජනසන්නිවේදකයා"ව්‍ශයෙන් හදුන්වමු. දෙවනුව ඉදිරිපත් කිරීමට යම් තොරතුරක් හෝ පණිවිඩයක් තිබිය යුතුයි. එයට අප "සන්දේශය" නමින් ව්‍යවහාර කරමු. තුන්වනුව එම සන්දේශය ඉදිරිපත් කිරීමට ක්‍රමවත්,ක්‍රමයක් තිබිය යුතුයි. එයට අපි "මාධ්‍ය" යැයි කියමු. හතරවෙනුව එම දෙනු ලබන සන්දේශය ලබන පුද්ගලයකු හෝ සාමාජිකයකු සිටිය යුතුයි. එය අපි "සංග්‍රාහක" නමින් හදුන්වමු. මේ මූලික කරැණු මුල් වූ විට ජනසන්නිවේදනය නමින් ව්‍යවහාර කළ හැකිවේ. කෙටියෙන් දක්වත හොත්, ලොව සිටින සිටලුම ජනතාව අතර, අදහස් ප්‍රකාශ කර ගැනීමට, දැන ගැනීමට, හුවමාරු කර ගැනීමට, උපයෝගී කරගන්නාවිවිධ ක්‍රම ජනසන්නිවේදනය වශයෙන් හැදින්විය හැක.


සන්නිවේදන වර්ගීකරණය


  • අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
  • අන්තර් පුද්ගල සන්නිවේදනය
  • සමූහ සන්නිවේදනය
  • ජන සන්නිවේදනය
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
  1. පුද්ගලයකු තුළම සිදු වන ආත්ම භාෂණයකි.
  2. සෑම පුද්ගලයකුම බිළිදු වියේ සිටම පංචේන්ද්‍රිය මගින් තොරතුරු රැස් කර ගති.
  3. රැස් කරන තොරතුරුවලින් බොහෝමයක් යටි සිතේ තැන්පත් කර ගනී.
  4. සමහර තොරතුරු කෙටි මතකයකින් පසු ඉවත් වේ.
  5. යටි සිතේ තැම්පත්ව ඇති තොරතුරු ජීවිත කාලය තුළ ස්මරණය කළ හැකි ය.
  6. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී තමා සතු තොරතුරු යොදා ගනී.
  7. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ තීරණ ගැනීම ප්‍රධාන කාර්යයකි.
  8. තමා සතු තොරතුරු හොද ඒවා නම් තීරණ ප්‍රශස්ත වේ.
  9. තමා සතු තොරතුරු නොවැදගත් ඒවා නම් තීරණ ගැනීම අසාර්ථක වේ.
  10. ඉතා හොද තොරතුරු බහුල ලෙස රැස් කර ගැනීම පුද්ගලයකු විසින් කළ යුතු ය.
  11. කෙනෙකු තමා පිළිබදව ඇති කර ගන්නා ස්වයං දෘෂ්ටියට මෙම තොරතුරු හේතු වේ.

අන්තර් පුද්ගල සන්නිවේදනය
  • මෙය පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් ද භාවිතා වේ.
  • පුද්ගලයන් දෙදෙනෙකු අතර කෙරෙන සන්නිවේනය මෙයින් අදහස් වේ.
  • සාමාන්‍යයෙන් මෙය මුහුණට මුහුණ ලා කෙරෙන සන්නිවේදනයකි.
  • නව තාක්ෂණය භාවිතයෙන් මෙහි ස්රූපය වෙනස් වී ඇත.
  • දුරකථනය හෝ අන්තර්ජාලය හෝ කෙටි පණිවුඩ හෝ මගින් ද මෙය සිදු වේ.
  • නව තාක්ෂණය නිසා දුර සිටින දෙදෙනෙකුට මුහුණ බලා ගෙන කතා කළ හැකි ය.
  • අන්තර් පුද්ගල සන්නිවේදනය ද්වි මාර්ගික සන්නිවේදනයකි.
  • සෑම කෙනෙකුටම දෛනික ජීවිතයේ දී නිතරම අන්තර් පුද්ගල සන්නිවේදනයේ යෙදෙන්නට සිදු වේ.
  • අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා හා ග්‍රාහකයා යන භූමිකාව මාරු වේ.
  • සමහර විට අන්තර් පුද්ගල සන්නිවේදනය ඒක මාර්ගිකය.

සමූහ සන්නිවේදනය
  • දෙදෙනෙකු ඉක්මවා ගිය විට එහි සමූහයක් ඇති වේ.
  • සමූහය කුඩා , විශාල හෝ අති විශාල විය හැකිය.
  • සමූහ සන්නිවේදයේ දී ඒක - මාර්ගිය හෝ ද්වි - මාර්ගික සන්නිවේදනයක් සිදු වේ.
  • අසා සිටීම හා සවන් දීම යන සංකල්පය සමූහ සන්නිවේදනයේ දී දැඩිව ක්‍රියාත්මක වේ.
  • සමූහ යන්නට කණ්ඩායම් හා කල්ලි අයත් වේ.
කණ්ඩායම් වර්ග පහක් දැක්විය හැකිය
1 අහඹු කණ්ඩායම්
2 විශෝධන කණ්ඩායම්
3 ඉගෙනුම් කණ්ඩායම්
4 ප්‍රතිපත්ති සැකසුම් කණ්ඩායම්
5 ක්‍රියාකාරී කණ්ඩායම්

ජන සන්නිවේදනය
  • විශාල ජනස්කන්ධයක් සමග කෙරෙන සන්නිවේදන කාර්යය ජන සන්නිවේදනය වේ.
  • ජන සන්නිවේදනය සදහා භාවිත වන පුවත්පත් සහ සගරා, ගුවන් විදුලිය හා රූපවාහිනිය අයත් වේ.
  • ජන සන්නිවේදනයේ දී ග්‍රාහක පිරිස කවුරුන්දැයි නිශ්චිතවම සන්නිවේදකයන් නොදනී.
  • ජන සන්නිවේදනය සෑම විටම ආයතනගත හා සංවිධානාත්මකව සිදු වේ.
  • එක් එක් ජන මාධ්‍යයන්හි සුවිශේෂ ලක්ෂණ තිබේ.
  • පුවත්පත් පරිහරණයට භාෂා සාක්ෂරතාව අවශ්‍යය වේ.

Comments