ඔයාලා හිතනවා ඇති youth එකට මං මොකද්ද මේ කියන්න යන්නේ කියලා .”අපේ පන්තියේ ළමයි හැමදාම කියන්නේ මට ,උබේ ඔය අඩොවැඩියාව තමයි උබේ හෙනේට හිටින්නේ කියලා” .මාත් එහෙම හිතුවා .
මන් දන්නවා ඔයත් ඔයා ගැන එහෙම හිතනවා ඇති කියලා. මගේ තාත්තා
ගුරුවරයෙක්.ඒ වුනාට ගුරුවරු කිව්වේ මන්
තමයි තාත්තාගේ නම්බුව කන්නේ කියලා .ඔයාලා හිතනවා ඇති ඇයි මන්
එහෙම කියන්නේ කියලා .මන් හැමදාම ඉස්කෝලේ ගියත් හොදින් ඉස්කෝලේ වැඩ කරත්
මොකක්හරි යාලුවෙක් කරපු වරදට අහුවෙන්නේ
මන්.ඒ විතරක් යැ ,මං කතාකරන හැසිරෙන විදිය ගැනත් ඉස්කෝලේ තිබ්බේ
කලකිරීමක්.කාලයක් යනකොට මට ඉස්කෝලේ
එපාවුණා .ලකුණු අඩුවුණා .මාවම එපාවුණා .ඉස්කෝලේ යාම නතරවුනා.හැමදාම මාසෙට කී සැරයක් මන් හින්දා අපේ අම්මට ඉස්කෝලේ යන්න
වුනාද .පුදුම කැපවීමක් ඒක .
ඔයාලා දැන් කල්පනා කරනවා ඇති, මං මහා කාලකන්නි අම්මට තාත්තාට ආදරේ නැති ළමයෙක්
කියලා .මටත් හිතුනා .ඔහොම කාලයක් යද්දී o/l විභාගේ ආවා .යන්තම් පාස් .මට මතකයිඅපේ ගුරුවරු
හැමෝම තාත්තට හිනාවුණා. තමුන්ගේ
දුවට උගන්නන්න බැරි මිනිහා ඉස්කෝලේ ළමයිට කොහොම උගන්නයිද කියාලා.
කවුරු මොනවා කිව්වත් මට යම් සතුටක් තිබ්බා ඇයි
දන්නවද ?මම හිතුවේ මං විභාගේ ෆේල් වෙයි කියලා.අපේ ආච්චි
අම්මා කිව්වේ කෙල්ලෝ එච්චර ඉගෙන ගන්න ඕනෙ
නෑ කියලා .උසස්පෙළ මන් කලේ කලා විෂය ධාරාව.අනිත් එවුවා කරන්න පුළුවන් යැ .ඔහොම
කියන යාලුවෝ මට වගේම ඔයාලටත් ඉන්න ඇති.
මන්
කිව්වනේ, මගේ තාත්තාට ගුරුවරු විහිළු කළා කියලා . අපි
හැමෝම කැමති නෑනේ දෙමවුපියෝ බැනුම් අහනවට
.හැමෝම හිතනවා ඇති තාත්තා මට බැන්නේවත් නැද්ද කියාලා . ඇත්ත මාත් හිතුවා මට බනිවී කියලා
.මොකද එහෙම වුනානම් ටිකක් හරි මගේ හිත හැදේවී.
ඒ
දවස ආවා .ඒ මගේ උපන්දිනය දා .අම්මා ලස්සන කිරිබතක් හදලා දුන්නා .තාත්තා මට
ඔරලෝසුවක් තෑගී දුන්නා .එදා තාත්තා මන් දිහා බලලා කිවුවා “ඔය ඔරලෝසුව වගේ ඔයා
ඔයාගේ ජීවිතෙන් භාගයක්ම දැන් නාස්ති කරලා
ඉවරයි .ඔයා පුතේ මොකද්ද දැන් කරන්න ඉන්නේ
කියලා “ .ඔයා දන්නවද මන් හිතුවේ මගේ තාත්තා කවදා හරි මට බනියි කියල .හැබැයි මෙහෙම
හොදින් කතාකරයි කියලා මන් හිතුවේ නෑ .
ඔයාලා හිතන්න මන් කොච්චර අපහසුතාවයකට පත්වෙන්න
ඇත්ද කියලා .තාත්තා දිහා තියා අම්මා දිහාවත් නොබැලු මම දෙන්නම තුරුළු කැරගෙන අඩන්න
ගත්තා .තාත්තා ඔලුව අතගාලා කිව්වා” මං ඔයාගෙන් ශිෂ්‍යත්වයවත්,සාමාන්‍ය පෙළ වත් හොද ප්රතිප්රල ඉල්ලුවේ නෑනේ .මමයි අම්මයි දෙන්නම ඉල්ලන්නේ උසස්පෙළ AAA තුනක් විතරයි. අනේ මගේ පුතේ දැන්වත් හිතට ගන්න .
අපි දෙන්නම ඔයාට ඉන්නවා” .මන් කිව්වා තාත්තේ මට බැරිවෙයිද ?
“නෑ උස්සහ කලොත් පුළුවන්” තාත්තා කිවුවා .මන්
හිතට ගත්තා .මහන්සිවුණා.ලකුණු ටික ටික වැඩිවුනා .මට දැනෙන්න ගත්තා තාත්තාගේ ඉලක්කය සපුරගන්න පුළුවන් කියලා .මන්
ආස වුනා මට කොලඹ කැම්පස් යන්න පුළුවන් වෙන්න කියලා .මන් විභාගයට වාඩිවුනා . කාලයක්
ගියා .දවසක් හැන්දෑවේ කඩේට ගිහින් එනකොට
මගේ අම්මගේ ඇස්වල කදුලු මම දැක්කා .
ප්‍රථිඵල
ඇවිත් .තාත්තා මාව බදාගත්තා .එච්චරයි. මන් දන්නවා එතකොට මට කැම්පස් යන්න
පුළුවන් කියලා .තාත්තා අම්මව බදාගෙන ඇඩුවා .මට කොළඹ යන්න බෑ.හැබැයි මන් දිනුම්.මට රුහුණු කැම්පස්
යන්න පුළුවන් .හැබැයි මන් කැම්පස් ගියේ දෙමව්පියදෙන්නට පින්සිද්ධවෙන්න .මේක
කියවගෙන යන ඔයාල ඔක්කොම හිතනවා ඇති මගේ අරමුන සාර්ථක කරගන්න බැරිවුනානේ කියලා.මට
කියන්න තියෙන්නේ බැරිවෙලාවත් මන් ඉස්සර
ජීවිතය තුල හිටියානම් මන් කොතනද කියලයි.මාවත අපි හරියට තෝරාගත්තොත් අපිට අපේ
බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් .මතකතියාගන්න මන් වගේ youth ඒක තුල ඔයා වැටුනා නම් ඔයාම නැගිටින්න. ඔයාගේ
ඉලක්කය සපුරා ගන්න.එමනිසා ඉලක්කය අහසට විසිකරන්න එවිට එය උස ගසක
මුදුනේ හෝ රැදේවි.
ඊ.කේ.එම්.එච් .ඇතුගල
කැලණිය විශ්වවිද්‍යාලය
දෙවන වසර{ විශේෂ}
ජනසන්නිවේදනය

eka lassana adahasak...
ReplyDeleteNice👌👌
ReplyDeletelassaniii dr
ReplyDeleteThank you
ReplyDeleteTop
ReplyDeleteNiyamayi puthe
ReplyDeleteGood idea .
ReplyDeleteHoda adahas dr...niyamai..
ReplyDeleteSuperb
ReplyDeleteThank all
ReplyDelete