වීල් බෙයාරින් අතරේ කැරකැවෙන රෝදේ.
වාහනයක් ගන්න පමණින් ඔබ සොයා තිබෙනවාද වාහනය තුළ තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳව. බොහෝ දෙනා තම මෝටර් රථයෙහි තුළ ගමන් කළ ද ඔවුන් වීල් බෙයාරිංස් ගැන නොදන්නේය.
මොනවාද මේ වීල් බෙයාරිංස් කියෙන්නේ. වාහන වල සස්පෙන්ශන් වලට ඉතාම වැදගත් අවයවයක් ලෙස මෙය හැඳින්විය හැකිය ඔබ ඒ පිළිබඳව තවමත් නොදන්නේ නම් වාහනේ බ්රේක් සහ වීල් සම්බන්ධ වෙලා පවතිනුයේ හබ් එක ඇතුලෙහිය. වාහනයහි රෝද නිදහසේ කරකැවීමට වීල් බෙයාරින් උදව් කරන අතර ඔබ වාහනය ධාවනය කරන විට වාහනේ රෝද අසලින් අසාමාන්‍ය ශබ්දයක් එනවානම් එය වීල් බෙයාරිංස් විය හැකිය.
වර්තමානයේ පැමිණෙන නවීන මෝටර් රථ තුළ වීල් බෙයාරිංස් සීල් කර එන අතර මෙම වීල් බෙයාරිංස් සැතපුම් 150,000 ක් හෝ ඊට වඩා වූවද කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ධාවනය කළ හැකිය.
මේ හේතුව නිසා බොහෝ අය බ්රේක් මාරු කරද්දී හෝ බ්රේක් සම්බන්ධ නඩත්තුවක් කරන කොට වීල් බෙයාරිංස් පරීක්ෂා කරනු ලබන්නේ හරිම අඩුවෙන්. ඒ නිසාම සීරුම් ඉරිතැලූම්, ඇතිල්ලූම් ආසාමාන්‍යය ශබ්දයක් රෝද වලින් එන්න පටන් ගනී. එම නිසා වීල් බෙයාරිංස් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළ යුතුය.
දැන් ඔබට ඇත ගැටලූම වන්නේ එසේනම් කෙසේද වීල් බෙයාරිංස් පරීක්ෂා කරනු ලබන්නේ යන්නයි. ඔබ දන්නා පරිදි සාම්ප්‍රදායික ක්‍රමය වනුයේ ජැක් එකක් ආධාරයෙන් වාහනය උස්සා රෝද අතින් කරකවා සියුම් ශබ්දයක් එනවාදැයි සියුම්ව පරීක්ෂා කිරීම. එසේම ගරාජය තුළ පවතින Dial Indicator වැනි උපකරණයන් තුළින් මෙය පරීක්ෂා කළ හැකියි.
වීල් බෙයාරිංස් වර්ග පිළිබඳ කථා කරන විට වෙළඳ පොලේ හම්බෙයාරින්, බෝල බෙයාරින්, රෝල බෙයාරින් ලෙස වර්ග කීපයක් දක්නට හැකිවේ.
Plain
Bearing යනු සරල බෙයාරිංස් වර්ගයකි. පැරණි කරත්ත, වාහන වල පැවතුනේ මෙයයි. මෙහිදී ෂංස්ට් එකේ සහ රෝදය අතර බෙයාරින් මතුපිටවල් 2 එකිනෙකට ලිස්සීම සිදුවේ. එසේම Rolling
- Element Bearing යනු වර්තමානයේ සුලභව දක්නට ලැබෙන වර්ගයන්ය. මෙය වර්ග 02 කි.
1. Ball
Bearing - මෙහි මැද අඩංගු වන්නේ ගෝලාකාර බෝල වර්ගයකි.
2. Roller
Bearing- මෙහි මැද අඩංගු වනුයේ සිලින්ඩාකාර රෝලර් වර්ගයකි.
මීට අමතරව Jewel
Bearing, Fluid Bearing Magnetic Bearing, Flexure Bearingවෙළඳපොලේ දක්නය ලැබේ.වත්මන් ජනතාව වීල් බෙයාරිංස් සීල් එකක් භාවිතා කරනු ලබන අතර ඒ තුළින් වීල් හබ් එක හා බෙයාරිංස් පිටතින් කුණු විලි වැනි අපද්‍රව්‍ය වලින් ආරක්ෂා කරනු ලබනවා. මේ තුළින් වීල් බෙයාරිංස් වල ආයුකාලය මැව්වේ බෙයාරින් වල ඛමඉරසජ්එසදබ නිසියාකාරව පැවතීම ඉතාම වැදගත්. වියලි බෙයාරිංස් නිසා බෙයාරිංස් අධික ලෙස රත් වී හානිවීමේ ඉඩකඩ වැඩි බව ඔබ දැනගත යුතුය. ඩස්ට් කැප් එකක් යෙදීම තුළ ඔබට බෙයාරිංස් වල ආරක්ෂාව තහවුරු කර ගත හැකිය.
වීල් බෙයාරිංස් වලට බලපාන තවත් කොටස් තිබේ. ඒ අතර ඔයිල් වීල් මගින් බෙයාරින් කිරීමට සහ කුණු දුහුවිලි වලින් තොරව තබා ගැනීමට ඔයිල් වීල් උදව් වේ. ගෑස්කරි යනු වීල් සහ බෙයාරිංස් අතර ලීක් වීම් වලක්වන්නකි. ඕ-රිංස්-ගෑස්කරි වගේම තාමත් කුඩා තැන්වල ලීක් වීම් වළක්වයි.
හෂිනි ඇතුගල.

Mekata koyi comment
ReplyDeleteVery good puthe
ReplyDeleteNiyamayi
ReplyDeleteShaaaaaaaa
ReplyDeleteShaaaaaaaa
ReplyDeleteShaaaaaaaa
ReplyDeleteThank all
ReplyDeleteVery good ......🙂
ReplyDelete