ගෘහනිය මෙන්ම ගෙමිහිමියා වශයෙන් ඔබත් අරපිරිමැස්ම ගැන හිතනවා නේද? සියලූ නිවසේ වියදම් කපා හැර යම් ඉතිරියක් පවත්වාගැනීමට ඔබ සිතනවා ඇති. එය ඔබේ මෝටර් රථයේ ඉන්ධන පිරිමැස්ම තුල සිදු වෙනවා නම් එය අතට මෙන්ම හිතට වාසියක්.
වර්තමානයේ රථ වාහන පදවන රියදුරන්ට මෝටර් රථයේ ස්වභාවය හා ඉන්ධන අල්ලන ධාරිතාව අනුව වැයවන මුදල් ප‍්‍රමාණය වෙනස් වේ. එවැනි අවස්ථාවක ඉන්ධන පිරිමැසිම තුල මුදල් ද ඉතිරි ගත හැකි අවස්ථාවන් පහත පරිදි පෙන්වා දිය හැකියි.
පළමුව ඔබ කෙටි ගමන් වාර අඩු කිරීම කළ යුතුය. බොහෝවිට වාහනයක් ගමනාරම්භකිරීමේදී හා කෙටි ගමන් වලදී වැඩි වශයෙන් ඉන්ධන භාවිතා වේ. එනම් එංජිම නිෂ්චිත උෂ්ණත්වයකට පත්වනතුරු වාහනය නිසි පරිදි කාර්යක්ෂමතාවයකින් ක‍්‍රියාත්මක නොවේ. 5kmකට අඩු ගමන් වාර වලදී වාහනය නිසි උෂ්ණත්වයට පත් වීමට තරම් ප‍්‍රමාණවත් කාලයක් නොලැබේ. එම නිසා ගමන් වාර ප‍්‍රමාණය අඩු කිරීම තුල වාහනයේ ඉන්ධන පිරිමැසේ.
බොහෝ රියදුරන් කරන්නාවූ වැරැුද්දක වනුයේ එංජිම පණගන්වා නවත්වනා තැබීමයි. එවිට රථ වාහනය රත්වේ. ඒ තුල ඉන්ධන නාස්ති වේ. එසේම වාහනය ධාවනය කරන විටත් කෙටි වෙලාවකට හෝ වාහනය නවත්වා සිටී නම් එංජිම අක‍්‍රිය කිරීම සුදුසුය. ඔබ සිතනුයෙ එන්ජිම පණගැන්වීමේදී අධික ඉන්ධන ප‍්‍රමාණයවක් වැය වන බවය. එනමුත් එංජිම නවත්නා ඇති විට පණගන්වා තැබීමට වඩා එංජිම අක‍්‍රිය කර තැබීමෙන් වැඩි ඉන්ධන ප‍්‍රමාණයක් ඉතුරු කර ගත හැකිය.
තවද වායු සහිත ප‍්‍රතිරෝධධය අඩු කිරීම තුල ඉන්ධන පිරිමසා ගත හැකිය. roof rackers හා spoilersසවි කිරීම හෝ වීදුරු විවර කර තැබීම වැනි දේවල් නිසා වායු ප‍්‍රතිරෝධය අධික වී ඉන්ධන භාවිතාව වැඩිවේ. යම් දෙයක් වහලයහි රැගෙන යාමට ඇත්නම් එය අනාකූල ලෙස වායු ප‍්‍රතිරෝධක අසු වන පරිදි පටවාගෙන යාම තුල ඉන්ධන භාවිතාව සියයට 20 ක් දක්වා අඩු කර ගත හැකිය.
ඔබ දන්නවාද? සමස්ථයක් ලෙස වායුසම්කරණය සඳහා 10% පමණ අමතර ඉන්ධන ප‍්‍රමාණයක් වැය වන බව. එහෙත් 80 kmlhවඩා වැඩි වේග වලදී විදුරු විවර කර යෑමට වඩා වායුසමීකරණය on කර ධාවනයේ යෙදීම සුදුසුයි. ඔබ වාහනයේ ගමන් ආරම්භ කරන විට වාහනයේ ඇතුලත උෂ්ණත්වය ඉහළ බව ඔබට දැනෙයිනම් මිනිත්තු 05ක් වැනි කෙටි කාලයක් වීදුරු විවර කර අනතුරුව වායුසමීකරණය ක‍්‍රියාත්මක කිරීම සුදුසුය.
තවද නිවැරදි ගියරයේ එනම් අවශ්‍ය ගියරයට වඩා අඩු ගියරයක ධාවනය කිරීම වැඩි වශයෙන් ඉන්ධන අහනයට හේතු වේ. එමනිසා manualවාහනයක් නම් වාහනය ධාවනය පහසු වන සෑම විටම ගියර 5 ඉහළ දැමිමත්, අවශ්‍ය ලෙස acceleator ්තදනොකිරීමත් යෝග්‍යය.
එසේම ටයර් පිළිබඳ සැලකිලමත් වීමද ඉතා වැදගත්ය. සෑම විටම ටයර් වලට උපරිම වායු පීඩනය ලබාදී ධාවනය කිරීම උචිත වේ. තවද වාහනයේ රෝද නිවැරදිව aling වී ඇත්දැයි තහවුරු කරගන්න. එවිටද ඉන්ධන පිරිමසා ගත හැක.
තවද හැකිතරම් බර ප‍්‍රමාණය අඩුවෙනද වාහනය තුල රැුගෙන යාම තුල ඉන්ධන ප‍්‍රමාණය වැයවීම අවම කරගත හැකිය. මෙලෙස වාහනයෙහි ඉන්ධන පිරිමැසීම සඳහා වාහනය හොඳ තත්ත්වායේ පවත්වා ගැනීමද යෝග්‍යවේ. නිසි පරිදි නඩත්තු කිරීම්, නියමිත කාලයට එංජිං ඔයිල් මාරු කිරීම්, නිෂ්පාදිත ආයතන විසින් නියම කරන ලද පෙට‍්‍රල් පමණක් භාවිතා කිරීම තුල ඔබට තවදුරටත් ඉන්ධන ප‍්‍රමාණය පිරිමසාගත හැකිවේවි.
හෂනි ඇතුගල.

nice...
ReplyDeletehoda wedak..
ReplyDeleteela
ReplyDeleteThank you
ReplyDeleteNice
ReplyDeleteThank all
ReplyDelete