ඇයි මේ ටයර් ඉක්මනට ගෙවෙන්නේ
කොයි වාහනයක් වුනත් කාලයක් එකදිගට පදවන විට නඩත්තු කිරීම වැදගත් වේ. එසේ නොමැතිව ඔබ ඔබේ වාහනයහි ගමන් කරන්නේද ගැටළු රැුසකට මුහුණ දීමට සිදුවේවි. එලෙස ගමන් කරන ඔබ, අප සියල්ලන්ටම පාහේ පොදුවේ පවතින ගැටලූවක් ලෙස ටයර් ඉක්මනට ගෙවීයාම පෙන්වා දිය හැකිය.
ටයර් වලින් හරියට වැඩ කරගන්න නම් ටයර් හරියට නඩත්තු කල යුතුයි. මොකද කට්ට නැතිවෙනකන් ගෙවුන ටයර් පවතින වාහනයක යෑම බ්රේක් නැති වාහනයක යෑමට සමාන නිසා. බොහෝ දුරට ටයර් ගෙවීමට හේතු කාරණා බොහොමයක් දක්නට පුලූවන්. උදාහරණ ලෙස ටයර්ස් එලයිමන්ට් වෙනස් වූ විට, ගෙවුන ස්ටියරින් හා සස්පෙන්ශන් කොටස් මත, ටයර් වල හුලං මට්ටම, වාහනය යන පාරවල්හි තත්ත්වය, වාහනය ඩ්‍රයිව් කරන විදිහ, ටයරය සෑදීමට ගනු ලබන අමුද්‍රව්‍ය පෙන්වාදිය හැකියි.
ටයර් නිෂ්පාදනය කරනුයේ රබර් වලිනි. රබර් වලට කාබන් හෝ සිලිකා වැනි විවිධ අමුද්‍රව්‍ය එකතුකොට ශක්තිය වැඩිකිරීම සිදුකරනු ලබනවා. හැබැයි ටයර් නිෂ්පාදනයට ගනු ලබන රබර් වල මෘදුගතිය වැඩි කරන්න වැඩි කරන්න ටයර් වල ඝර්ෂණය වැඩි වන අතර ඔබට ඩ්‍රයිව් කිරීමට පහසු වේ. එහේත ගැටලූව නම් ටයර් ඉක්මනට ගෙවී යාමට මෙය ප්‍රධාන කරුණක් වේ. සාමාන්‍යයෙන් පොදුවේ එම ටයර් බාල ටයර් ලෙස හඳුන්වයි. එහෙත් ඔබට ටයර් වල ගුණාත්මක භාවය බැලීමට අවශ්‍ය නම් ටයර් එකහි ටේරඞ් වෙයාර් රෙටින් එක බැලිය යුතුයි. ටේරඞ් වෙයාර් රෙටින් 200 හෝ ඊට අඩු නම් ටයර් එක භාවිත කලහැකි කාලය අඩු අතර 300x600 අතර පවතීනම් එය ශේප් ටයර් එකකි.
ඔබ දැනගත යුතුම කාරණාවක් නම් කාලගුණය ද ටයර් ගෙවීමට බලපානු ලබයි. එනම් ශ්‍රී ලංකාව වැනි වියළි කාලගුණයක් පවතින රටක ටයර් ගෙවීම ඉතා වැඩියි. සෑම වෙලාවකම ටයර් එකට අවශ්‍ය ප්‍රමාණයට හුලං ගැසිය යුතුය. කොපමණ හුලං අවශ්‍යදැයි බැලීමට වාහනයේ ඩ්‍රයිවින් සීට් එක පැත්තේ දොරේ ඇතුල් පැත්තේ පවතින ස්ටිකර් එක බලන්න. හුලං වැඩිවුවහොත් ටයර් එක පිපිරීමටත් හුලං අඩුවෙන් ගැහුවහොත් ටයර් එක ගෙවීමත් සිදුවේ.
එසේම ටයර් සෑම විටම හරියට පොළවට ලම්භක නොමැතිව පැවතීම තුලද ටයර් සමාන්තරව නොවීම මත ගෙවීම සිදුවිය හැකියි. මෙලෙස විය හැකි ප්‍රධාන විධි 02කි. පළමුව ටෝ ඉන් හෝ ටෝ අවුට් නම් දෝෂය මත විය හැකිය. ටෝ ඉන් යනු වාහනේ ඉදිරිපස හා පිටුපස රෝද සමාන්තරව නොතිබීමයි. ටෝ අවුට් යනු රෝද 2හි පිටුපසවල් ඇතුලට නැඹුරු වී පැවතීමයි. තවද කැම්බර් යනු අනිත් දෝෂයයි. රෝදය ඇතුලට හෝ පිටතට හෝ ඇලවී පවතීද ආතතියකට එය කැම්බර්ය. නෙගටිව් කැම්බර් එක එලියට ඇලවී පවතීද එවිටද ටයර් ගෙවීමකට ලක්වේ. රෝද අනවශ්‍ය ලෙස ඇලවීම යනු ටයර් එකහි පැති ගෙවෙනවා යන්නයි.
ඒ වගේම වාහනයේ බ්රේක් පැච් මාරු කලවිටද, ගෙවුන බෝල් පොයින්ට් පවතින විටද වීල් එලයිමන්ට් මාරු වන නිසා ටයර්ස් ගෙවිය හැකියි. එවිට සිග්සැග් විදිහට හෝ එක් පැත්තකට ගෙවීම දක්නට පුලූවන්.
හෂිනි ඇතුගල.

good
ReplyDeleteThank you
ReplyDelete👌💯
ReplyDeleteSuper
ReplyDeleteSuper
ReplyDelete