රස්තියාදු නොවී නිවාස ණයක් අනුමත කරගනිමු.
වර්තමානය තුළ බොහෝවිට නිවාස ණය පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබෙන අතර නිවාස ණ්ය අනුමත කරගැනීම ක්‍රියාකළයුතු ක්‍රියාපටිපාටිය දැඩි හිසරදයක් බව බොහෝ දෙනෙක් පවසන කරුණකි. එහිදී නිවාස ණයක් අවම කාලයකින් උපරිම කාර්යක්ෂමතාවයකින් ඉටුකර ගැනීමට පහත උපදෙස් පිළිපැදීම ඉතා යෝග්‍යයි.
1. ඔබට සැබවින්ම නිවාස ණයක් අවශ්‍යදැයි සිතා බලන්න.
බැංකුවක් මගින් ඔබට නිවාස ණයක් ලබාදීමේදී අධීක්ෂණ චාරිකාවක් සිදු කරනු ලබන්නේ එම මුදල් සැබවින්ම නිවසක වැඩකටයුතු වෙනුවෙන් භාවිතා වන්නේද යන්න සොයා බැලීමටයි. එම නිසා පළමුව බැංකු ණයක් අයදුම් කිරීමට පෙරාතුව කටයුතු මූලික කරුණ වනුයේ තමන්ට සැබැවින්ම නිවාස ණයක් අවශ්‍යවේද. එසේ අවශ්‍යනම් කොතරම් මුදල් ප්‍රමාණයක්ද එය ගෙවීමට ඔබට ශක්‍යතාවය පවතීද යන්න සුපරීක්ෂාකිරීම විමසා බැලිය යුතුය.
2. ණය ලබාගත යුතු බැංකුව තීරණය කිරීම.
මෙහිදී අන් අයගෙන් නොවිමසා තමන් විසින්ම විමසුමක් කිරීම ප්‍රායෝගිකය. එම නිසා බැංකු ණයක් අයදුම් කිරීමට ප්‍රථම පාරිභෝගිකයින් ලෙස අප අපට වඩාත් පහසු ණය ලබාගැනීමේ පටිපාටිය වඩාත් පහසු ණය ..... වඩාත් ආකර්ෂණීය පොලී අනුපාතයක් අය කරනා බැංකුව තෝරාගත යුතුයි. මෙහිදී ප්‍රධානපෙළේ බැංකු ආයතන මෙන්ම හොඳ ස්ථාවරයක් සහිත ප්‍රාදේශීය බැංකු සම්බන්ධයෙන් සලසා බැලීම වැදගත්ය.
3. පාවෙන පොලී හා ස්ථිර පොලී
බැංකුවකින් ණයක් ගැනීමට පෙර පාවෙන පොලී සහ ස්ථිර පොලී අනුපාතකයන් සම්බන්ධව දැන ගැනීම වැදගත්ය. මන්දයත් විවිධ බැංකුවල පාවෙන පොලී අනුපාතික ක්‍රමයක් එමගින් ලබාදෙන නිවාස ණය මෙන්ම ස්ථිර පොලී අනුපාතික ක්‍රමයක් සමඟ ලබාදෙන නිවාස ණය පවතින හෙයිනි. මෙහිදී තවත් ණය ක්‍රමයකදී තමන්ට පහසු පොලි අනුපාතික ක්‍රමය තෝරාගැනීමේ නිදහස ඔබට ලබාදෙනු ඇත.
4. වඩාත් පහසු බැංකු සේවාව
සෑම බැංකුවක්ම පාහේ තම බැංකුවට පාරිභෝගිිකයන් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට පහසු හා කාර්යක්ෂම සේවා සපයනු ලබයි.
5. ආකර්ෂණීය බව හා බැංකුවේ පවතින වාසි
බැංකු අතර වර්තමානයේ පවතින ලබන්නේ විශාල තරගයකි. සෑම බැංකුවක්ම තම කාර්යක්ෂමතාව වැඩිබව පෙන්වන ලබයි. මෙහිදි ඔවුන් ණය ලබාදීමේදී වුවද ආකර්ෂණීය අමතර පහසුකම් හා විශේෂාංග තම ණය පැකේජයට එකතු කරනු ලබයි. ඔබට සුදුසු බැංකු ණය ක්‍රමය සම්බන්ධයෙන් විමසීමේදී මෙම අමතර දිරිගැන්වීමේ පහසුකම් පිළිබඳ සලකා බැලීම යහපත් වුවත් එහිදී තුලනාත්මක විශේලේෂණයක් කළ යුතුය.
6. ණය ගෙවීමට පහසු ක්‍රමවේදයක්
බොහෝවිට ප්රමුඛපෙළේ බැංකු ආයතනයනගේ පවා ණය ලබාගන්නා අය හට පවතින අමිහිරි අත්දැකීම වනුයේ ණය වාරිකයක් ප්‍රමාද වනවිට එය අයකරගැනීම සඳහා බැංකු නිලධාරින් විසින් භාවිතා කරනු ලබන ක්‍රමවේදයක් වේ. කෙසේ වෙතත් මෙසේ ණය අයකර ගැනීමේ ක්‍රමවේදයන් මෙන්ම ණය ගෙවීම පැහැර හැරීම දෙපාර්ශවයටම ගැටලූකාරී තත්ත්වයක් නිර්මාණය කරයි.එම නිසාම වත්මන් බැංකු සේවාවන් නිතරම උත්සය කරනුයේ තම ණය ලබාගත් පාරිභෝගිකයින් හෝ ප්‍රායෝගික තත්ත්වය යටතේ ණ්ය අයකර ගැනීමයි.
7. අවශ්‍ය ලිපි ලේඛනයන්
නිවාස ණයක් ලබාගැනීමේදී සාමාන්‍යයෙන් අදාළවන ලිපි ලේඛනයන් ගණනාවක් ඉදිරිපත් කිරීමටවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙයට හඳුනාගැනීමේ ලිපිලේඛන, පදිංචිය සනාථ කරන ලිපිලේඛන, රැුකියා සම්බන්ධ සහ ආදායම් තත්ත්වයන්, මාසික වියදම් සම්බන්ධ ලිපිලේඛන ලබාදීමට සිදුවේ. තවද රැකියාවේ තත්ත්වය, වැටුප, වැටුපින් අඩුවන මුදල් ප්‍රමාණයක් යනාදි සියලූම විස්තර අඩංගු ලිපියක්ද රැකියා ස්ථානයෙන් ලබාගැනීමට සිදුවේ. එසේම තම වැටුප අදාළ ණය දෙන ආයාතනයට යොමුකිරීමට එකඟවන බවද සනාථ කිරීමට සිදුවේ. තවද ඔබට ණය ඇපයක් ලෙස ඉඩමක් තිබීමට සිදුවේ. මේ නිසා ඔබ කළයුතු මූලිකවම දේ වනුයේ අදාළ ණය මුදල අනුමත කරගැනීමට අවශ්‍ය සියලූ ලිපිලේඛන හා සහතික මොනවාදැයි ලැයිස්තුවක් ගෙන ඒවා එක්රැුස් කරගැනීමයි. මෙලෙස ඔබට රස්තියාදු නොවී නිවාස ණයක් අනුමත කරගැනීමට පහසුවෙන් හැකිවේවි.
හෂිනි ඇතුගල.

Nice👍
ReplyDeletewell done
ReplyDeleteEla
ReplyDeleteThank you
ReplyDeleteNiyamayi
ReplyDeleteMaru
ReplyDeleteOk
ReplyDeleteThank you all
ReplyDeleteWell done
ReplyDeleteWaw
ReplyDelete