මොනවද මේ හෙඞ් ගෑස්කට් කියන්නේ

මොනවද මේ හෙඞ් ගෑස්කට් කියන්නේ





හෙඞ් ගෑස්කට් කියලා කියපුවම ගොඩක් අය මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අලූත් වාහනයක හීන පොදිබඳින ඔබත් මේ ගැන අහලා නැතුව ඇති. අන්න ඒ හින්දා අද අපි බලමු, හෙඞ් ගෑස්කට් කියන්නේ මොනවාද කියලයි.

පරණ වාහන පදවන අය සැලකිලිමත්වන මෙම උපාංගය දක්නට ලැබෙනුයේ එන්ජින් බ්ලොක් එකේ උඩ හෙඞ් එකට යටින්ය. හෙඞ් ගෑස්කට් කියන මේ ගැජට් එක වාහනයට අවශ්‍යවන්නේ එන්ජිමේ සම්පීඩනය තබා ගැනීම හා එන්ජිම ඇතුලේ ද්‍රව වර්ග 03 වෙන වෙනම තබා ගැනීමටයි.

මේ ගෑස්කට් Blow වුණා කියලා කියනු ලබන්නේ ඉහත කාරණා හරි හරියට සිදුනොවනු විටයි. හෙඞ් ගෑස්කට් එකට එතරම් ගානක් නොයන බව ඔබ දන්නවා. හැබැයි ගැටලූව වන්නේ හෙඞ් ගෑස්කට් එක මාරු කරන්න, එන්ජිම ගලවන්න යන කාලය පිළිබඳවයි.

අපි දන්නවා සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමක සිලින්ඩරයක් තුළ වායු/ ඉන්ධන මිශ‍්‍රණය දහනය ස්පාක් ප්ලග් එක මගින් සිදු කරනු ලබනවා. තවද එම දහනයහි පිපිරුමත් සමඟ පිස්ටන් චලනය වෙනවා. ඒත් සමගම ක‍්‍රෑන්ක්ෂාෆ්ට් එක කැරකෙන්න පටන් ගනු ලබයි. 

ඉතිං මේ කැරකැවුම් බලය ගියර් පද්ධතිය හරහා රෝදවලට දෙන අතර ඒ තුළ මේ හෙඞ් ගෑස්කට් එක අර සිලින්ඩරය ඇතුලත පිපිරුම් ක‍්‍රියාවලිය සීල් කර තියාගනු ලබයි. ඒ වගේම එන්ජිමේ කොටස් නිදහසේ අඩු ඝර්ෂණයෙන් චලනය වීමට එන්ජින් ඔයිල් අවශ්‍යයි. කුලන්ට් එන්ජිමේ උෂ්ණත්වය පාලනය කරයි. හෙඞ් ගෑස්කට් එක මේ එන්ජින් ඔයිල්, කූලන්ට් හා වායු/ ඉන්ධන මිශ‍්‍රණය එකට මිශ‍්‍ර නොවීමට වෙන වෙනම වෙන්කොට තබනවා.

හෙඞ් ගෑස්කට් එක Blow වීම මෙහි දුර්වලතාවය බව අපි ඔබව කලින් දැනුවත් කලා. එසේනම් ඊකදඅ වීමට හේතු සොයා ලබමු. බොහෝවිට 
1. Operation - Lgnition Timingවැරදිවීම හෝ Cooling systemඑක ප‍්‍රමාණවත් නොවීම.
2. Installation - සමහර වාහන නිෂ්පාදකයන් එන්ජිමහි කොටස් නිපදවීමට ගනු ලබන අමුද්‍රව්‍ය ඇණ සීලර් දෝෂ සහිත වීම.
3. Drsing- සමහර නවීන වාහන අධික උෂ්ණත්වයට ඔරොත්තු නොදීම නිසා ගෑස්කට් දුර්වලවීම හෝ එන්ජින් ගැටලූ ඇතිවීම
මෙයට බලපානු ලබයි.

හෙඞ් ගෑස්කට් එක ෆේල්වීම තුළ ඉහත කී ද්‍රව වර්ග 03 තම කාර්යයන් කිරීමට අසමත්වන අතර එය එන්ජිමේ කාර්යක්ෂමතාවයට බලපානු ලබයි. ඒ තුළ එන්ජිමේ අනික් කොටස්ද ආකාර්‍යක්ෂම වීමට පටන් ගනී. පසුව එන්ජිමද අඩපණ වනු ඇත. ගෑස්කට් එක ෆේල් වූ විට එන්ජිමේ උෂ්ණත්වයටත් ඔයිල් අඩු වීම මත එන්ජිමේ කොටස් අකාර්‍යක්ෂමවේ. තවද ගෑස්කට් එක ෆේල් වූවිට ඉන්ධන කූලන්ට් හෝ ඔයිල් සමඟ මිශ‍්‍රවීම සිදුවිය හැකිය. එහිදී කූලන්ට් සිලින්ඩරයට ලීක්වී සම්පීඩනය වැඩිවී අධික උෂ්ණත්වයක් පෙන්නුම් කරයි.

සමහර වෙලාවට ඔයිල් කූලන්ට් හා මිශ‍්‍ර වීම සිදුවේ. ඒ තුළ 2කම අපිරිසිදු වන අතර මොවුන්ගේ කාර්ය වන ලිහිසිවීම හා සිසිල්වීම යන 2කම අඩපණ වෙනවා. මෙවැනි අවස්ථාවක කූලන්ට් තෙල් ගතියක් හා දුඹුරු පැහැයක් ගනු ලබයි. ඒ වගේම එන්ජින් ඔයිල්  Milk Chocolate පැහැයක් ගනු ලබයි. එම නිසා ඔබ වාහනය පැදීමට පෙර තෙල් වතුර පවතීදැයි බැලීම ඉතා වැදගත්.

හෂිනි ඇතුගල.

Comments

Post a Comment