ණය නොවී.............

ණය නොවී.............









 කාර්යබහුල පාරිභෝගිකයන්ගේ කාර්යබහුලත්වය යම් තාක් දුරකට අවම කිරීමට හා වැඩි පහසුකම් ප‍්‍රමාණයක් ලබාදිම සඳහා ඉදිරිපත් කරන කෙසිට් කාසි නොහොත් ණය පත පිළිබඳ ඔබව දැනුවත් කරන අරමුණින් ලියන ලිපියකි.

විවිධ මූල්‍ය ආයතන තම පාරිභෝගිකයන් සඳහා විවිධ ණයපත් හදුන්වාදෙනු ලැබේ. උදා- ප්ලැටිනම්, ගෝල්සි, සාමාන්‍ය ලෙස ණයපත් පවතින අතර ප්ලැටිනම් සඳහා දෙනු ලබන වරප‍්‍රසාද ඉහළ අගයක් ගනී. ඒ සඳහා ඔබ එම ආයතනයන්ට ඔබට ඇති ඉහළ ආදායම් හා තැම්පතු පිළිබඳ දැනුවත් කළ යුතුය. මෙම කාඞ්පත් සඳහා වාර්ෂික ගාස්තුවක් අය කරනු ලබන අතර එම අගය රුපියල් දහසේ සිට පන්දහස දක්වා අගයක් විය හැකියි. ඔබේ ඉතිරි කිරීමේ ගිණුමෙන් කාර්තු වශයෙන් හෝ මාස 02 කට වරක් ඔවුන් ගාස්තු අය කරනු ලබයි. 
එසේම 2016 වසරහි ජනවාරි පළමුවැනිදා සිට මෙම විදේශීය හා අන්තර්ජාල ගණුදෙනු සඳහා මුද්දර ගාස්තුවක් රජය විසින් නියම කර ඇති අතර ඒ හැරුණු විට මූල්‍ය ආයතනය විසින් කිසියම් හෝ වැඩිමහත් ගාස්තු අයකරනු ලබන්නේද යන්න ඔබ සොයා බැලිය යුතුයි. 

ණයපත සඳහා පොලී එකතුවීම සොයා බලන විට මුල් කාලීනව සහන කාලයක් ලබාදෙන අතර දින 21 ක් මාසයක් හෝ 2 ක් වශයෙන් ණයපත් වර්ගය අනුව ගොඩනැගෙන මෙම ණයපත් ප‍්‍රකාශනය තුළ ගෙවීම් සිදුකළ යුතු අවසන් දිනය (Due Date)ලෙස සඳහන් කරනු ලබයි. මෙම දිනයට පෙර මෙම අවම මුදල ගෙවිය යුතු අතර එපිට පොලිය එකතුවීම වළක්වා ගැනීමට හැකිවේ.

මුල්කාලීනව ක්‍රෙඩිට් කාඩ්පත ලබාගැනීමට උනන්දු වන ඔබට පසුකාලීනව එය හිසරදයක් වනු දක්නට හැකියි. යම් ආයතනයක් ණයපතක් ලබාදෙනුයේ ඔවුන්ට ප‍්‍රතිලාභ පවතින හෙයින් බව අප සිහියේ තබාගත යුතුයි. එම නිසා ණය නොවී ණය පත භාවිතා කිරීමට ඔබ උනන්දු විය යුතුය. 

පළමුව ඔබ හොඳ කළමනාකාරී පුද්ගලයකු බවට පත්වීම වැදගත්. දකින දකින සියල්ල ගැනීමට වියදම් කිරීමට පෙර උපයන ගානට අවශ්‍ය දේට පමණක් වියදම් කළයුතුයි. ගෙවීමට නොහැකි නම් හිතුමතේ වියදම් නොකර ජීවත්වීමට කටයුතු කළයුතුයි.  බොහෝ විට කාසිපතේ සියල්ල වියදම් කිරීමට ඔබට සිතේවී. එවන් අවස්ථාවක හොඳ විනයකින් මුදල් පාලනය කිරීමට කටයුතු කළයුතුයි.

එසේම දෙවනුව දෛනික අයවැය ලිවීම ඔබ තමන්ගේ පුරුද්දක් කරගන්න. එවිට ණයපතෙන් වැයවන මුදල් පිලිබඳ ඔබට දැනුවත් විය හැකියි. එම වියදම් වල දිනයක් සමඟ වාර්තාවක් තබාගන්න. එවිට පොලියක් සෑදෙන්නට පෙර එම මුදල ගෙවිය හැකියි. තවද ණයපතෙන් කෙතරම් ප‍්‍රමාණයක් වියදම් කළද දවස් 55 කට පෙර සියලූ මුලූ මුදලම ගෙවීම යෝග්‍යවේ. බොහෝ දෙනකු කරනු ලබන්නේ බැංකුවෙන් එවනු ලබන ස්ටේට්මන්ට් එක එවීමෙන් පසු මුදල් ගෙවා දැමීමයි. එවිට ඉතුරු වී පවතින මුදලට වැඩි පොලියයක් සෑදේ. එය අවුරුදු ගානක් ගෙව්වද ඔබට ඉවර කරගත නොහැකිවේවී.

වැඩිමනස් පිරිස් කරනු ලබන ප‍්‍රධානතම වැරැුද්දක් වනුයේ කෑෂ් ලෝන් ගැනීමයි. ඒ තුළද ඔබට අධික පොලියක් ගෙවීමට සිදුවේවි. ජීවිතයේ අපහසු අවස්ථාවක හැර කෑෂ් න් නොගැනීමට ඔබ වග බලා ගත යුතුයි. 
එසේම ණයපත ගනු ලබන පාරිභෝගිකයින් පොලී එකතු වූ විට එය නොගෙවා සිටීමට කටයුතු කරයි. ඔබ දන්නවාද? ඒ තුළ ඔබ ............... ලේඛනයට හසුවේ. අදාල ආයතන නඩු ගොනු කරනු ඇත. එවිට හදිසියකට ලෝන් එකක් වනු ගැනීමට නොහැකි වේවී. ඔබ මතක තියා ගතයුතු කරුණ වනුයේ ණයපත තුළ මුදලක් වැය වූවාට, (ස්ථිරවම* පහසුකම් පාරිභෝගිකයාට ඊට සමානවම වැඩිවනු ඇත. ණය නොවී එලෙස ණයපත භාවිතා කළහැකි අතර ණයපතේ  ................ වාසි ලෙස තම මුදල්හි ආරක්ෂිත බව, ඩිස්කවුට් ලැබීම, පහසු ගෙවීමේ ක‍්‍රම පැවතීම, හදිසි අවස්ථාවකදී තම මුදල් ලබා ගැනීමට මෙම ණයපත උපකාරී වේ.

හෂිනි ඇතුගල  

Comments

Post a Comment