වෙනස්වීම



වෙනස්වීම

සැරසෙන් එලවෙන් යා    ........... එත් සමගම සුගත් දිවීමට පටන් ගත්තේය . සුගත් දකින සෑම වෙලාවකම මට මතක් වන අපුරූ මුහුණකි . සුගත් මෙන්ම ඔහුත්  මලල ක‍්‍රීඩකයකි. ඔහු නමින් රණතුංග විය. කුඩා කල සිටම ඔහුව අප හැදින්නුවේ  රණේ” කියාය. හුරේ ........... සුගත්  දිනුවෝ .............. නාදයත් සමග මම යලි  අතීතයෙන් මිදී පියවි සිහියට පැමිණියෙමි. සුගත් වසන්ත නිවාසයට ජයග‍්‍රහණය ගෙනෙවිත් තිබේ. එම ජයග‍්‍රහණය අපේ කණ්ඩයාමේ වීම පිළිබද මම සතුටුවිමි. නිවාසන්තර ක‍්‍රීඩා උත්සවයෙන් පසු මා රණතුංග පිළිබද සොයා බැලූවෙමි. 

   ඒ අනුව මෙවර රණතුංග දිවයිනට පැමිණ තිබෙන බව දැනගන්න ලැබුනි . තවද ඔහු නැවත ජපානය වෙත නොයන බව අසන්න ලැබුනි . මම එක්තරා නිවාඩු දිනයක රණතුංග බැලීමට යාමට සුදනම් වුනි. එවිට මගේ සිත අතීතයට පියමැන්නේය. 
                   මීට වසර 19 කට පමණ පෙර විශ්වවිද්‍යාලය තුල ඉගෙනීමෙන් පසු අපි දෙදෙනා වෙන්වීය. එකල ඔහුව හැදින්නුවෙි රණේ ලෙසයි . තරමක් දේශපාලනයට බර රණතුංග කොළඹ අවට රැදුනද මම ගුරු විභාගය ලියා ගුරුවෘර්තියට   යොමු විය. එහෙත් පසුව රණතුංගට ශිෂත්වයක් ලැබී ජපන් ගිය වග අහන්නට ලැබුනී. ඔහු පසුව එහේ පදිංචියට ගිය බවද ජපන් කාන්තාවක විවාහ කර ගත් බවද දරුවන් 02 නකු සිටින බවද රණතුංගගේ අක්කාගෙන් මට අසන්නට ලැබුනි. යලි එක් දිනයක මට ඔහු  හමුවුයේය.

                මා දැන් යමින් සිටින්නේ රණතුංග ජීවත් වු හොදිවැව ග‍්‍රාමයටය . අද එහි ග‍්‍රාමීය බවක් දක්නට නැත. තට්ටු නිවාස වලින් සමන්විත ජනාකිර්ණ පරිසරයකි. මුලූ ගමම වසා ගත් ඇගලූම් කම්හල මීට හේතුව බව මට වැටහුනේ දැන්ය. අසැල්වැසි කාන්තාවකයෙන්  අසා දැනගත් පරිදි පන්සල පසුකොට  යන විට කොන්කිට් පාර හමුවු අතර ටික දුරක් යන විට යෝධ යකඩ ගේට්ටුවක් දකින්න ලැබුනි. කාන්තාව කියු පරිදි එය රණතුංගගේ නිවහන විය යුතුය.
         මීට  පෙර රණේ ගේ නිවහනට පැමිණ තිබුනත් එදාට වඩා අද එම පරිසරය හාස්පසින්ම වෙනස්ය . පැරණි කොට්ටන් ගසත් පැරණි බුදුකුටියත් පමණක් තවමත් නිසල්මනේ හිද මාව හදුනාගත් බව මට සිතුණි. මන්ද එම අතීත මතක දෙක පමණක් එම නිවෙස රණතුංගගේ යැයි කීමට   සාක්ෂි දැරීය. ගේට්ටුව ඇර  නිවසේ පැවිති විදුලි සීනුව නාද කළ මා  මගේ මිත‍්‍රයා දැකීමට ඇගිලි ගනිමින් සිටියෙමි. එහෙත් සිදුවුයේ අනිකකි . දත් විලිස්සාගත් නිය විහිදුවාගත් බල්ලකු මගේ ඇගට කඩාගෙන පැන්නේය. ටොමියා නවතිනවා ......... නවතිනවා ......... කියමින් රලූ කටහඩක් ගෙයි පිටිපස්සේ සිට  පැමිණියේය. එවිටම ටොමියා දුව පැන ගිය අතර තලත්තුනා කාන්තාවක් ඒ සමගම පැමිනි අතර මොකද ආ කවුරු හම්බවෙන්නදැයි ඇසුවේය . මා රණතුංග මහත්මයා සිටිදැයි ඇසු  අතර ආ...........මහත්තයා  බුදුන් වදිනවාද කොහෙද ? පොඞ්ඩක් ඉන්න .........ආන්න අතනින් ඉදගන්න .

   ඇය ආපසු ගේ පිළිකන්නට ගිය අතර ගේ ඇතුලත යම් මිමිනීමක් අසන්නට ලැබුනි. එත් සමගම කුඩා කොලූවකු තේ එකක් ගෙන පැමිනියේය. ඉතා වෙහෙසව සිටි මට එය අමෘත‍්‍රය මෙනි. ටික වෙලාවකින් උගුර පාදන හඩක් ඇසුන හෙයින් මම  ඔලූව හරවා බැලූවෙමි. ඉතා කෙට්ටු ගැසුනු  තට්ටය පෑදුනු කොන්ද මදක් කුදුවු මිනිසකු පැමිණි අතර ඔහුගේ අත මා මගේ බී අවසන් වූ  තේ කෝප්පය තබා අනික් පස හැරුනෙමි .” මහත්තය  ඕක දෙන්න   යැයි ඇසුනු හෙයින් මන් යලි  දෙස බැලූවෙමි . අර ගැහැනිය ඔහුගේ අතින් මගේ බී අවසන් වූ  තේ කෝප්පය ගනිමින් සිටියායග දෙවියනේ ඒ පැමිනි  වයසක තැනැත්තා  වී ඇත්තේ   රණතුංගය . ඔහුගේ දෙබැම හැකිලී එන සිනාව ඒ බව  මට පසක් කලේය.  ර්‍මොකද පුදුමෙන් , මන් රණේ තමා ජයනාත්.   කීවේය. මීට වසර කිහිපයකට පෙර කෙල්ලන් අතර අතිශය  ජනප‍්‍රියව පැවති ඔහු අද ඔහුම දැයි ඔහුටම සොයාගත නොහැකිය. එහෙත් ඔහු තවමත් මා අසල නිසැල්මන්ව බලා සිටී . ඔහු කථා කරන්නට විය.

 මන් දැන් ඇවිල්ල මාස 08 ක් වෙනවා .තමුන් දැන් බැදැලද, ගෑනු ඔක්කෝම එකයි අයිසේ . මට ඔක්කෝම එපාවෙලා .මම අපේ මහ ගෙදර කඩලා අක්කවත් පන්නලා දැම්මා. ඒ ගෑනී තන්හාවෙන් මිරිකෙනවා” .ඔහු කියවගෙන කියවගෙන යයි. ඔහුගේ උගුරු ගැටය ඉහල පහල යෑමේ වේගය දැක මගේ ඔලූව කැරකෙන්නට පටන් ගත්තේය .
                ඉතින් රණේ කොහොමද එහෙද හොද මෙහෙද ආ”. මන් මගේ මුහුණට සිහින් සිනාවක් ගොඩනගා ගනිමින් ඇසීය . එහෙත් ඔහු ඇහුවේ වෙනත් දෙයකි . දැන් ජයේ මේ පළාත හොදටම වෙනස් වෙලා ග වෙළද ආර්ථිකය ට මුලූ සමාජයම ගිහින් නේද . ඔව් මට හිතෙන විදිහට ජයේ වෙනස්වෙලා .  ර්‍දැන් ජයේ ගියොත් හොදයි  . ඔහු මෙසේ මා එලවාගත්තේ ඇයිදැයි මට  තාමත් නෝතෙරෙයි . ඔහුත් සමග කථා කිරීමට තිබු ආසාව මැඩගෙන මන් යාමට සැරසුනෙමි .  රණේ .....මං එහෙනන් යන්නන්” . ඔහු මා කෙරේ හැරීවත් නොබැලූවේය. මට මෙය ඉවසාගත නොහැකිවිය. මෙම ප්‍රෙ‍්‍රහෙලිකාව විසදා  ගත යුතුය.

  එවිටම මට මතක්වුනේ රණේගේ අක්කායි. ඇය විවාහවුයේ මේ සමීපයේම බව මට මතක් විය.ඒ අනුව මා අක්කාගේ නිවහනට මගේ රථය හැරවුවෙමි. රනේ ජපානයට ගොස් ජපන් කාන්තාවක හා විවාහ වු විට ඔහුගේ ඉඩකඩම් බලාගත්තේ ඇයයි. ගෙට හැරෙන කොටම මීට දින 02 කට කලින් මියගිය රණේගේ මවගේ උණුසුම මැකී ගිය දරසෑය දක්නට ලැබුනී. ගෙදර කවුද? ගෙදර කවුද? . එවිටම රණේගේ අක්කා පැමිණ මා සුහදව පිළිගත්තෙය. 
මල්ලි හම්බුවෙන්න එන්නැති නේද? අපේ අම්මාගේ මරණේ වෙලත් ආවේ නෑ. තරහකට නෙමේ, මල්ලිගේ ඔලූව නරක්වෙලා. වාඩිවෙන්න මල්ලි”  කිවෙිය. 

  අක්කා රට ගියාට පස්සේද රණේ මෙහෙම වෙනස්වුනේ? මන් ඇසුවෙමි.   නෑ මල්ලි ඔය ජපන් ගෑනී ඉන්නවනේ එකීට හරිම විසේ. මල්ලි ජපන් විදියට හිතන්න පතන්න පටන් ගත්තා. සියලූ බැදිම් අයින්කරලා ගෑනීට  ඕන විදිහට ඉන්න ගත්තා .දැන් අපි දෙන දෙයක්වත් ගන්නේ  නෑ. අපිරිසිදුයි කියලා. පුඞ් සිටියට තමා පාන් රාත්තලක් ගේන්න වුනත් යන්නේ.  
                                               

ඇය තේ පිළියල කිරීමට ගිය අතර මට මීට පෙර  අහම්බෙන් රණේ හම්බුනු වේලාවක දී කියු දෙයක් මතක් වුනි. එය පා පෝච්චාරණයක් යැයි මට දැන් සිතේ.

  ජයේ  උඹ තමා මගේ හිටිය හොදම  යාලූවා. මන් එහේ ගිය මුල් කලේ මට කිසිම වගකීමක් තේරුණේ නෑ.  එහෙදි සුද්දියක් බැද ගන්න එක නම්බුකාර දෙයක් වගේම කාටත් කරන්න බැරි දෙයක් කියලා හිතුවා. මන් මේ ගෑනිව බදින්න කලින්  අප්පචිචිට කථා කළා. අනේ පුතේ උඹ ඔය මෝඩකම විතරක් කරගෙන එන්න එපා කියාලා අප්පච්චි කිවුවා. මන් ඒක අහලා හිනාවුනා. තාත්තා සම්ප‍්‍රදායික ගෑනීයක් බැදපු නිසා ඊර්සියාව කියාලා මම කීවා”. 
                                 තාත්තා කිව්ව දේ දැන් මට තෙරේනවා.
  මං ජපන් කාන්තාවක් බැන්දා.එකී ළමයි දෙන්නෙක් වැදුවා. කෙල්ලගේ නම රණතුංගගේ  ඕෂින් . කොල්ලගේ් නම රණතුංගගේ ෂවයි සන්. උුන් දෙන්නගේ අම්මා මිසිස් රණතුංග. හැබැයි එකෙකුටවත් සිංහල බෑ. උන් කවදාහරි බදින්නේ සිංහල උන්යැ .අන්තිමේ උන් ඔක්කෝම ජපන් ප‍්‍රරමිපරාවක් හදායි .මට මොකෝ වෙන්නෙ. මන්මැරුණම මන් හිටියද කියලවත් දන්නේ නැතිවෙයි. තාත්තා හිටියානම් අහාවී යකෝ කොයි තොගෙ ජාතක කළ එවුන් කියලා. උන්දැට කළ වැරදි හින්දා අද මම තනිවෙලා .ඒවුනත් ජයේ මන් මගෙන් වියයුතු යුතුකම් ටික කරණවා.”

   රණේට වැරදුනේ කොතැනදැයි මන් එදා අසනවිට ඔහු සිනාවුනෙමි. තේ එක අක්කා ගෙනා අතර  ඇයත් සමග කුඩා දරුවන් දෙදෙනකු ආවේය. යන්තම් අවුරුදු 14 ක් යැයි සිතිය හැකි ලමයකු මන් ලගින් වාඩිවිය.  මාමා මාත් එක්කවත් කථා කරන්නේ නෑ  ,  ඇය කීවේය.  

  ර්‍මල්ලි මේ සැරේ ඇවිත් තියෙන්නේ අර ගෑනීගෙන් වෙන්වෙලා . අන්තිම කැමති පත‍්‍රයත් ලියලා දීලා. මුල් කාලේ ඒක ගැන උජාරුවෙන් කිය කිය හිටියා. මන් සියල්ලෙන් නිදහස් කියලා. දැන් මල්ලි තනියම පාලූවෙන් ඉන්න කැමතියිි. අපේ ලමයි දැක්කාම දුක හිතෙනවා ඇති. අපි යනවාටවත් කැමති නෑ. මුල් කාලේ බිබී හොදට විනෝදවුනු  මල්ලි දෑන් කාමරේ ඇතුලෙමයි කියලා මට මැගී කිව්වා.”

දැන් අපේ සංවාදයට හසුවනුයේ රණතුංගගේ මේ වෙනසයි. ඇතැමෙක් එය වාසියකට ගැනීමටත් තවත් අයකු එය අනාවැකි කීමටත්  තවත් අයකු එය සමාජයේ පවතින අලූත් අර්බුදයක් ලෙසත් ගෙන කථා කිරීමට හැක. එහෙත් සත්‍යය වනුයේ විදේශ රටවල ඉගෙන ගැනීමට යන  අයල පවුල්වල රැකියාවට යන අය ගොදුරු වී ඇති ප‍්‍රශ්නයයි. එක් මිනිසකු දරුවන් දෙදෙනා කුඩා කාලයේම පිටරට ගෙන ගොස් රැකියාවක් කරයි. අද  දරුවන් දෙදෙනාටම සිංහල කථා කළ නොහැකිය. කාගේ වරදක්ද? ජාතියේ අභාගයක්ද? අද ඒ දරුවන් යුරෝපියන් වී හමාරය .විදේශ රටවල වසර ගණන් ජීවත්වන ලාංකික පවුල්වල දරුවන් පවා විජාතික වීමේ ඉරණමට ගොදුරුවේ. ඉහත කී ලමුන්  ජාතිය වශයෙන් සිංහල නොවේග වියතුන් ලෙස රටේ නම් දරන අය පවා ජාතික ආලය  ජාතික සංහිදියාව ගැන  සිංහල භාෂාව ගැන කථා කළද ඔහුගේ දරුවන්ද යුරෝපිකයන්ය. සිය බිරිද කැටුව මවුරටට පැමිනෙන ඔවුන් හුල්ලති.

  එහෙත් රණතුංග එසේ නැත. ඔහු ගිලන්ව සිටින්නේ ඉහත ගැටලූව ඔහුට ඇතත් එයට පිළිතුරක් සොයාගත නොහැකි නිසාය. මා අක්කාට සමුදී ගෙදර පැමිනියෙමි. සතියක් ගෙවුනි. රණේගේ මතකය මගෙ න් ඈත්විය.මන්ද පාසල් වාර විභාග පැමිනි හෙයිනි. එක්තරා දිනයක මගේ ප‍්‍රිය බිරිද  ලියමනක් අතැතිව මා හමුවිය.  ඔයාට ලියුමක්”. ඇය කීවාය. එය රණේගේ අක්කා එවුවකි. 

 අපේ මල්ලි පිස්සෙක් වගේ අවසානයේ වුනා . යෝද ගේට්ටුව එයාම කැඩුවා. අපි කිසිදෙයක් ජපානයට කියලා යැවුවේ නෑ. පස්සේ එයාලා ටිකට් එකක් එවුවා. අපි එකෙන් මල්ලිව රට ඇරියා”

.අවසානයේ ඔහු යලිත් ජපා නයට ගොස් ඇත .දිවිය එහිම නතර වනු ඇත. ඔවුන් දැන් ජපනුන් වනු නොවනුමානය. එක්තරා දවසක ඔහු කියු කථාවක් මට මතක් වෙයි.
          යකෝ මන් සිංහලෙක් නොවේ ,ජපන්නු දෙන්නෙක්  ජාතක කරපු සිංහලයෙක්  .
                                                       ඔහුගේ ජිවිතයේ අරුත්සුන් වෙනස ඔහුව හුදකලාවට පත් කර ඇත.නිදහස සොයා ගිය ඔහුට තම ආත්මයෙන් සමාව කිසිදා නොල්ලැබෙනු ඇත. පසුදා මා යලි පාසල් ගියෙමි . මා හට  පැවරී තිබුනේ 09 පන්තිය බලාගැනීමයි . මා නිකමට මෙන් ලමයි ඔයාලගේ ප‍්‍රදාන අරමුණ මොකක්ද යන්න ඇසුවෙමි. එවිට සුගත් පැවසුවේ සර් මන් ආසායි ඔස්ටේ‍්‍රලියාවට යන්න කියායි. ඔහුගේ ජිවිතයටත් රණේ ගේ ඉරණම බලපායිදැයි මට  බය හිතුනි.

                                                නිමි
                                                                                                                                                                                                                                        
                                                                                                                



Comments

Post a Comment